ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසන්නේ ගෑස් ඉල්ලුමෙන් අඩක් පමණක් සැපයීමට ලිට්‍රෝ සමාගම තීරණය කර ඇති බවයි.
ඒ අනුව ඔහු වැඩිදුරටත් පවසන්නේ රට ආර්ථික අර්බුදයෙන් මිදෙන තෙක් ගෑස් සැපයුම නගරවලට සහ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සීමා කිරීමට සිදු වන බවයි.
ඒ අනුව මෙතෙක් දෛනික සිලින්ඩර 60,000-80,000 ත් අතර සිදු කල ගෑස් සැපයුම ගෑස් සිලින්ඩර 30,000 ක් දක්වා අඩු කිරීමට සිදුවන බව ඔහු අවධාරණය කරයි.
මාසික ගෑස් ඉල්ලුම සම්පූර්ණ කිරීමට ඩොලර් මිලියන 30ක් අවශ්‍ය බවත් පවතින තත්වය මත එවන් වියදමක් කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
දර ඇතුළු සෙසු විකල්ප ඉන්ධන වර්ග පාවිච්චි කළ හැකි සියලුම ජනතාව ගෑස්වලින් නැවත එම විකල්ප වෙත යොමු වීම රට වෙනුවෙන් කළයුතු දෙයක් බවත් ජනතාව මෙම තත්වය තේරුම් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...