ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව මැයි 4 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගය පවසයි.
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා කියා සිටියේ යෝජනාව සඳහා මේ වන විට මන්ත්‍රීවරුන් 125 දෙනෙකුගේ අත්සන් ලැබී ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
මේ සම්බන්ධයෙන් තමන් දේශපාලන පක්ෂ 11 කණ්ඩායමෙන් සහ ස්වාධීන වූ පසුපෙළ මන්ත්‍රීවරුන් 10 දෙනාගෙන් ඉල්ලීම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
“අපි බලමු මෙයාලා අත්සන් කරනවද කියලා. මේ විශ්වාසභංගයට අත්සන් කරන්නේ නැතිව එයාලට ආපහු ගමට යන්න බැහැ.”
“අපි අවශ්‍ය අත්සන් ප්‍රමාණය සමඟ මැයි 4 ට පෙර විශ්වාසභංගය භාර දෙනවා,” මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...