විදේශ විනිමය සංචිත පහල වැටීම නිසා ජනතාව මුහුණදෙනු ලබන දුෂ්කරතා අවම කිරීමට විදෙස්ගත සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ පරිත්‍යාගශීලින්ගෙන් සහාය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
එලෙස ලැබෙන විදේශ විනිමය පරිත්‍යාග ඖෂධ, ඉන්ධන, ආහාර වැනි බෙහෙවින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පමණක් භාවිත කරන බවට සහතික වන බව සිය ෆේස්බුක් ගිණුමට පණිවුඩයක් එක් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත.
මෙම විදේශ විනිමය ලැබීම් සහ ඒවායේ භාවිතය, විනිවිදභාවයෙන් පවත්වාගෙන යෑම සඳහා මහ බැංකු අධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 03 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත්කර ඇති බව එහි සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...