ජනාධිපතිවරයා විසින් හෙට (අප්‍රේල් 29) කැඳවනු ලැබ ඇති සාකච්ඡාවට සහභාගි වීම සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ, අද පස්වරුවේ ඊට අදාළ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ය.
ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වීම සඳහා මේ වන විට රාජ්‍ය අමාත්‍ය ධූරවල කටයුතු කරන ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් යන අය එම ධූරවලින් ඉවත්විය යුතු බවට වන කොන්දේසියක් පිළිබඳව ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමේදී සාකච්ඡා කර තිබිණි.
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ද අද සාකච්ඡා කිරීමට නියමිත බව දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ය.
අන්තර්වාර රජයක් පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවලට හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ පක්ෂවල නායකයන්ට හෙට (29දා) ජනපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ලිපියක් මගින් දැනුම් දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...