අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී හෙට (29)උදේ පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41දෙනාගේ කණ්ඩායම තීරණය කර ඇත. ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ තම කණ්ඩායමට තනිය ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීම සදහා අවස්ථාවක් ලබාදෙන ලෙසයි.
ආණ්ඩු පක්ෂයට සහාය ලබා දී පසුව වෙන් වී ස්වාධීන ව සිටින පක්ෂ එකොළහේ නායකයින් සඳහා ජනාධිපතිවරයා වෙනම සාකච්ඡා අවස්ථාවක් ලබාදුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු පවසා සිටියා.
එම හමුව හෙට (29) පෙරවරු දහයට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන බවයි ඔහු සඳහන් කර සිටියේ.
ඒ අනුව සිය කණ්ඩායම හෙට ජනාධිපතිවරයා කැඳවා ඇති සියලු පක්ෂ නායකයින්ගේ රැස්වීම සඳහා එක් නොවන බවත් ඔහු සඳහන් කළා.
අන්තර්වාර පාලනයක් පිළිබද ජනාධිපතිවරයා හෙට කැදවා ඇති සාකච්ඡාවට සහභාගි වීමට ආණ්ඩුවෙන් වෙන්වී පාර්ලිමේන්තුවේ ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයා පමණක් එම සාකච්ඡාවට සහභාගි විය යුතු බවටයි ඔවුන් අද පස්වරුවේ රැස්වී තීරණය කර ඇත්තේ.
අදාල සාකච්ඡාව සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රී කණ්ඩායම, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර යාපා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහින්ද අමරවීර සහභාගී වී ඇති බව සඳහන්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...