දේශීය පුවත්

අගමැතිවරයා හා ඇමැති මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු පිහිටුවීමට යෝජිත සර්ව පාක්‍ෂික ආණ්ඩුවේ ව්‍යුහය, එය ක්‍රියාත්මක විය යුතු කාලසීමාව සහ එහි වගකීම් ලබාදෙන පුද්ගලයන් කවුරුන්ද ඇතුළු කරුණු සාකච්ඡා කර ඉදිරියේ එකඟතාවකට පැමිණීමට හෙට (29 දා) පෙරවරුවේ සාකච්ඡා කිරීමට ජනාධිපති මැඳුරට පැමිණෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලිඛිතව දැනුම් දී ඇත.

දැනට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන සියලු පක්‍ෂ නායකයන්ට හා ආණ්ඩුව නියෝජනය කළ හා මේ වනවිට ආණ්ඩුවේ සිට ස්වාධීන කණ්ඩායම් වශයෙන් කටයුතු කරන පක්‍ෂ නායකයන්ට මෙම සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා ඇරයුම් කර තිබේ.

රට මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුමක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමට විධායක ජනාධිපතිවරයා වශයෙන් තමා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන බව ජනාධිපතිවරයා එම ලිපියේ සඳහන් කර ඇත.

එබැවින් තම පක්‍ෂයේ අදහස් හා යෝජනාද සමඟ මෙම සාකච්ඡාවට නොවරදවාම සහභාගී වන ලෙස දන්වා ඇති ජනාධිපතිවරයා මෙයට සහභාගීවීමෙන් දක්වන දායකත්වය හා කැපකිරීම ජාතික අවශ්‍යතාව වෙනුවෙන් කෙරෙන මහඟු කාර්යයක් බව ද සඳහන් කර ඇත.

රටේ වර්තමානයේ පවතින සමාජ හා ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේ මෙන්ම කාදිනල්තුමා ඇතුළු සර්ව ආගමික නායකයන් ද දේශපාලන පක්‍ෂ හා පොදුජන සංවිධාන රාශියක් තමාගෙන් ඉල්ලීම් කර ඇති බව ද ජනාධිපතිවරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More