දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණ.

පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සදහා ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය ස්වානිම් වාග්ලේ මහතා සම්පත් දායකත්වය සැපයීය.

ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායන් සම්බන්ධව විශේෂඥයෙකු ලෙස රටවල් 36 සමග වර්තමානයේ කටයුතු කරන ඒ මහතා ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙකු ලෙසද කටයුතු කොට තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, කැබිනට් අමාත්‍යවරුල රාජ්‍ය අමාත්‍යවරුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ කාර්යමණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More