ඊයේ අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත්පාලන නියෝජිත පිරිස් සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී එම පිරිස් පෙන්වා දී ඇත්තේ 69 ලක්ෂයක ජන වරමට මූලික පදනම දැමූ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීම ජනවරමට අනුව සිදුකළ නොහැකි බවයි.
යම්කිසි ලෙසකින් අග්‍රාමාත්‍යවරයා එසේ ඉවත් කිරීමක් සිදු වුවොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටද එම ඉරණම අත්වීම වැළැක්විය නොහැකි බවද ඔවුහු අවධාරණය කර ඇත.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත්පාලන නියෝජිත පිරිස ඒකමතිකව යෝජනාවක් සම්මත කරමින් පවසා ඇත්තේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් නොවිය යුතු බවත් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළ යුතු බවටත්ය.
එහිදි ඔවුන් අවධාරණය කර ඇත්තේ ජනාධිපතිවරයා බලයට පැමිණියේද මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම මතින් නිසා කිසිදු ආකාරයක ඡන්ද පදනමක් නැති පුද්ගලයන් සමග අන්තර්වාර ආණ්ඩුව නිර්මාණය කිරීමට කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...