මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් අවධාරණය කරන්නේ විජයදාස රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ගෙන ඒමට සකස් කර ඇති 21 වන සංශෝධනයට කාරක සභා අවස්ථාවේදි 13 වන ව්‍යයවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ ප්‍රතිපාදන එකතු කිරීමේ විශාල ඉඩක් පවතින බවයි.
එහිදී උන්වහන්සේ එමගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ඉඩම් ප‍්‍රඥප්තිය පොලිස් ප‍්‍රඥප්තිය යන මහ ඇමති අරමුදල් ප‍්‍රඥප්තිය ආදී බෙදුම්වාදී ප‍්‍රඥප්ති සියල්ල සම්මත කරමින් ඊළාම් මාර්ග සිතියම ඔස්සේ ඉදිරියට යාමට මෙම 21 වන ව්‍යවස්ථා සංශෝධනය මහඟු පිටුවහලක් වන බවයි.
ඒ මගින් රට වෙනුවෙන් ජීවිත සහ අතපය දන්දුන් රණවිරුවන්ගේ සියළු කැපකිරීම් පාවාදීමට ලක්වන බව පෙන්වා දෙන උන්වහන්සේ නොසැලකිලිමත් ලෙස මෙම ක‍්‍රියාවලියට නායකත්වය ලබාදීම මගින් එම පාවාදීමේ වගකීම විජයදාස රාජපක්ෂ මහතාගේ හිස මත පැටවෙන බව පිළිගෙන කටයුතු ඉදිරියට කර ගෙන යන ලෙස දැඩි ලෙස අවවාද කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...