රටේ බොහෝ ආන්දෝලනාත්මක අවස්ථාවලදී තීරණාත්මක කාර්යය භාරයක් ඉටුකරන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ (PNF) වැඩබලන සභාපතිවරයා ලෙස ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා පත්ව ඇත. එම පෙරමුණේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සභාපති ධුරයෙන් ඉවත්වන බවට කරන ලද දැනුම්දීමකට අනුව මෙම පත්වීම එම පෙරමුණේ විධායක සභාව විසින් සිදුකර ඇත.
ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සැකසීමේ කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළ කපිල පෙරේරා මහතා ප්‍රතිපත්තිමය හේතු මත පසුව එම කමිටුවෙන් ඉවත් වූ අතර රජය විසින් ඉදිරිපත් කරනු ලබන පණත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයෙකු ද වේ. “වම දකුණ නොව මැද මාවත” ඇතුළු ශාස්ත්‍රීය කෘති කිහිපයක කතුවරයාද වන ඒ මහතා යුගදනවි ගිවිසුම, සිංගප්පූරු වෙළඳ ගිවිසුම සහ පැවති කැබිනට් මණ්ඩලයේ නීත්‍යානුකූල භාවය ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට මුල්වී ක්‍රියාකළේය. ඉංජිනේරු කපිල පෙරේරා මහතා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ආරම්භයේ සිට මේ දක්වාම එහි ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයා ද වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
පමා වෙලාහරි ඔය තීරණේට ආපු එක ලොකු දෙයක්. ආණ්ඩුවට රෙදි නැතිව කඩේ ගිය පාදෙනියලාව ඔය සංගමයෙන් එලවන්නේ නැත්තෙ මොකදැයි අපිත් ඇස ඇරන් බලන් හිටියේ. සුබපැතුම් කපිල මහතා.
No matter what the colour of government is professionals have to be straightforward and unbiased. GMOA docs proved that they are just a team of Gota’s puppets. Barking only against yahapalanaya and becoming deft and blind when rajapaksh’s playing a havoc. Good luck professionals team at least now understand the game plyed by docas and chased the GMOA out of the forum.