දේශීය පුවත්

රට මුහුණ දී සිටින අභියෝගාත්මක වාතාවරණය හමුවේ රාජ්‍ය වියදම් ඉතාම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදා ගැනීමට හැකිවන පරිදි වියදම් කපා හැරීමට සහ දැඩිව පාලනය කිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව විවිධ චක්‍රලේඛ මගින් දැනටමත් හඳුන්වාදී ඇති ඉන්ධන හා සන්නිවේදන දීමනා ගෙවීම් පාලනය, ජල හා විදුලිබල වියදම් සීමා කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම හා කුලියට ගැනීම නැවැත්වීම, දේශීය අරමුදල් මගින් සිදුකරන විදේශ අධ්‍යයන චාරිකා හා පුහුණු නැවැත්වීම, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව අමාත්‍යාංශ හෝ ආයතන මට්ටමින් සිදු කරනු ලබන විවිධ දීමනා ගෙවීම් අත්හිටුවීම සහ විවිධ සුබසාධන සහනාධාර හා සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් නව බැඳීම් ඇතිකර නොගැනීම යනාදී සීමාවන් තවදුරටත් දැඩිව අනුගමනය කළ යුතු බව දන්වමින් මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මෙයට අමතරව වියදම් දැරීමේදී සහ දේශීය අරමුදල් භාවිතයෙන් සිදුකරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇති සහ ආරම්භ කිරීමට නියමිත සියලු ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවන ලෙස ද කොන්ත්‍රාත්කරුවන් සමඟ ගිවිසුම් ගතවී තිබුණත් මෙතෙක් ආරම්භ කර නොමැති ව්‍යාපෘති නැවැත්වීමේ හැකියාව සොයා බලා කටයුතු කරන ලෙසත් සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදුකර තිබුණද මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම් කල් තබන ලෙසත් අමාත්‍ය මණඩල අනුමැතිය නොමැති කිසිදු දීමනාවක් සුබසාධන වැඩසටහන් හෝ සහනාධාර ලබාදීම් අත්හිටුවන ලෙසටත්, රජයේ මාණ්ඩලික නිලධාරීන්ගේ ණය පහසුකම් මේ වසර (2022) අවසන් වන තෙක් අත්හිටුවන ලෙසටත්, අනවශ්‍ය වියදම් ලෙස සැලකිය හැකි සියලු වියදම් රාජ්‍ය ආයතන මගින් පවත්වන උත්සව විවෘත කිරීම් සම්මන්ත්‍රණ ඇතුළු අනවශ්‍ය හා ප්‍රමුඛ නොවන වියදම් අත්හිටුවන ලෙසටත්, රාජ්‍ය නිලධාරීන් නිල හිමිකම් අනුව එක් වාහනයක් පමණක් නිශ්චිත ඉන්ධන සීමාව තුළ භාවිත කිරීමට වගබලා ගන්නා ලෙසටත්, රාජ්‍ය ආයතන අතර සන්නිවේදන කටයුතු සඳහා හැකිතාක් විiුත් ක්‍රමවේද භාවිත කරන ලෙස සහ සියලු සුබසාධක හා සහනාධාර වැඩසටහන් අඩු ආදායම්ලාභීන්ට හෝ අත්‍යවශ්‍ය ප්‍රතිලාභීන්ට පමණක් සීමා කරන ලෙසටත් උපදෙස් භාණ්ඩාගාර ලේකම්වරයා අදාළ චක්‍රලේඛය මගින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් සභා ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය සංස්ථා ප්‍රධානීන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඊයේ උපදෙස් දී ඇත.

පවතින අභියෝගකාරී වාතාවරණය සමනය වන තෙක් රජයේ සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන විසින් මේ විධිවිධාන අනුගමනය කරන බවට වගබලා ගත යුතු බව ද භාණ්ඩාගාර ලේකම්වරයා එම චක්‍රලේඛය මගින් වැඩිදුරටත් උපදෙස් දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More