දේශීය පුවත්

පවතින විදේශ සංචිත අර්බුදයට පිළියමක් ලෙස මෙතෙක් මෙරට ක්‍රියාත්මක කෙරුණු විදේශිකයන් සඳහා දීර්ඝ කාලීන වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනසකට ලක් කරමින් නව වාස වීසා ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.

මේ සඳහා ඇමැති මණ්ඩල රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

මේ අනුව මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ වැදගත් තැනක් ගන්නා මහල් නිවාස සංකීර්ණවල ඇමරිකානු ඩොලර් 75,000 සිට ලක්‍ෂ දෙක දක්වා ආයෝජනය කරන විදේශිකයන්ට වසර 5 සිට වසර 10 දක්වා වලංගු වන පරිදි වීසා බලපත්‍ර ලබාදීමට නියමිත බවද ඇමැතිවරයා සඳහන් කළේය. එයට අමතරව යම් විදේශිකයකු ශ්‍රී ලංකාවට පැමිණ ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් මහ බැංකුවේ හෝ වෙනත් වාණිජ බැංකුවක තැන්පත් කළහොත් ඔවුනට දසවසරක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට වීසා නිකුත් කෙරෙනු ඇත. රජය ක්‍රියාත්මක කිරීමට සැරසෙන මෙම නව වැඩපිළිවෙළ ‘රන් පාරාදීස වීසා වැඩසටහන’ ලෙසින් නම් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More