21 වැනි සංශෝධනය නමින් පැමිණෙන කුමන්ත්‍රණයට මේ රටේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් ගොදුරු නොවිය යුතු බවත් එසේ වුවහොත් පාර්ලිමේන්තුවට “කුරියර් සර්විස්” හරහා කඹ ටිකක් එවීමට සිදුවන බවත් ඊට හේතුව මේ සංශෝධනය හරහා පැමිණෙන බෙදුම්වාදී යෝජනාවලට අත ඔසවා ඔවුන්ට නැවත දේශපාලනය කිරීමට ඉඩක් නොලැබෙන නිසා යැයිද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය.
“21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අපි විරුද්ධ වෙන්නේ මූලික හේතු දෙකක් මත. පළමු එක තමයි මේ බරපතළ ආර්ථික අර්බුදයත් ඒ් තුලින් පැනනගින දේශපාලන අර්බුදයක් මතුවෙලා තිබෙන මේ අවස්ථාවේදි පාරේ ඉන්න උද්ඝෝෂකයන් හෝ වෙනත් රටේ ජනතාවහෝ වෙන කවුරුත් හෝ මේ වෙලාවේ ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලාලා නැහැ. ඔවුන් ඉල්ලා සිටින්නේ මේ අර්බූදය පියමං කරන විදිය සහ එය ජයගන්න විදියේ යෝජනා ඉදිරිපත් කරන්න කියලා. එතකොට දැන් විජේදාසෙ රාජපක්ෂ මහත්තයා ඒ් විදියට මේ ප්‍රශ්නය විසදන්නේ කොහොමද කියලා පාර්ලිමේන්තුවට යෝජන ඉදිරිපත් කරනවා වෙනුවට මහජනයා ඉල්ලුපු නැති ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරනවා.
මේ අර්බුදය ඇතුලේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒ්මේ අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන්ම ජනාධිපති තුමාගේ සෞභාග්‍ය දැක්මෙත් සඳහන් වෙනවා මේ කැලි කැලි සංශෝධනය කරලා විනාශ කරලා තියෙන ව්‍යවස්ථාව නැවත නව ව්‍යවස්ථාවක් මගින් දෙපයින් සිටුවන්න ඕන කියලා. ඒ විතරක් නෙවෙයි ඒ පොරොන්නදුව එතුමා දෙවැනි වතාවටත් 20 වැනි සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී දුන්නා. එහෙමනම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිස ඉල්ලන අය ඇයි ඒතුමාට බලකරන්නේ නැත්තේ ඔබ ගේනවා කිව්ව නව ව්‍යවස්ථාව ගෙන්න කියලා. එහෙම අභියෝග කරනවා වෙනුවට මේ අය නැවත වටයකින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් ගේනවා ජනතාව ඉල්ලෙන්නේ නැතුව.
එහෙමනම් කවුද මේ ව්‍යවසථා සංශෝධන ඉල්ලන්නේ? . අපි දන්නවා ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා ලංකාවේදිත් මෝඩි අගමැතිවරයා ඉන්දියාවේදීත් ප්‍රකාශ කළා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන්න කියලා. ජගත් මානව හිමිකම් සමුළුවේදි ඉන්දියාවේ නිත්‍ය නියෝජිතයා ප්‍රකාශ කලා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන්න ඕන කියලා. මේ අතර පහුගිය කාලේ මේ රටේ බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට න්‍යායාත්මකව සහයෝගය දක්වපු පිරිසක් හිටියා. ජෙහාන් පෙරේරාලා දයාන් ජයතිලකලා, ජයම්පති වික්‍රමරත්නලා ඒ් අය මේ මාධ්‍ය වලට කරන ප්‍රකාශ තුළ කියවෙනවා මේ වෙලාව හොඳ වෙලාව මේ ව්‍යවස්ථා සංශෝධනය ගේන්න කියලා. අපේ අමරසේකර මහත්තයා කිව්වා වගේ රැවුල පත්තුවෙලා තියෙන මේ වෙලාවේ තමයි මේ සුරුට්ටුව පත්තු කරගන්න හදන්නේ. අපි මේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන දෙවැනි හේතුව තමයි ඉහත ප්‍රකාශ කල කාරණය.
එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමා ඉන්දියාවේ බලහත්කාරයට යට වුවත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මේ රට බෙදී වෙන්වීම නතර කරන්න බාධක දෙකක් දැම්මා. ඒක තමයි ප්‍රඥප්ති සම්මත කරන එක ආණ්ඩුකාරයා මගින් වැළැක්වීම. දෙවෙනි බාධකය තමයි සමගාමී ලයිස්තුව. දයාන් ජයතිලක කියනවා මෙන්න මේ සුළු සංශෝධන දෙක කළොත් 13 ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට මේ දැන් දෙමළ ඩයස්පොරාවේ වුවමනාවට මේ වෙලාවේ ජාත්‍යන්තර සහාය ගන්න ඕන කියා මතයකුත් හදනවා. එතකොට ආණ්ඩුව ඩයස්පෝරාවට එකඟ වෙනවා අර්බුද විසඳන්න සයෝගය දුන්නොත් මේ යෝජනා ක්‍රියාත්මක කරන්න කැමතියි කියා. ඩයස්පෝරාව ඉදිරිපත් කරන ප්‍රධාන යෝජනාව තමයි මේ දෙන්න හදන්නේ. ඒතකොට ඒවැනි තත්වයක් යටතේ තමයි විජේදාස රාජපක්ෂ මහතා මේ සංශෝධනය ගේන්නේ . ඔහු බෝලේ උස්සලා දුන්නම ආණ්ඩුව බෝලේට ඩෑෂ් පහරක් ගහනවා. ආණ්ඩුව කියනවා අපිත් ලැස්තියි විජේදාස රාජපක්ෂ මහත්තයාගේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මත පදනම් වෙලා ඒ සංශෝධනය ගේන්න කියලා.”
මෙම මාධ්‍ය හමුව සඳහා ආචාර්ය ගුණදාස අමරසේකර, ජනාධිපති නිතිඥ කල්‍යානන්ද තිරාණගම, ගෝලීය සංසදයේ සාමාජික ප්‍රීමාල් ප්‍රනාන්දු යන මහත්වරුද ඒක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...