රත්තනදෙණියේ මේධානන්ද හිමියෝ සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන් එක්නැලිගොඩ සහ ඇහෙළේපොල කළ ආකාරයේ ද්‍රෝහී ක්‍රියාවක් කරමින් සිටින බව පවසති. උන්වහන්සේ තැබූ සම්පූර්ණ සටහන පහතින්…
“ගම්ම්පිලට විමල්ට ආණ්ඩුව විවේචනයට කොතෙකුත් සාධාරණ හේතු තිබුනත් මේ කරන්න හදන්නේ කැත දේශපාලන ක්රීඩාවක්. රටක් විශාල අර්බුධයකට ගමන් කරමින් තිබෙන වෙලාවක කරන්න ඕන තව තවත් දේශපාලනික අරාජිකත්වයක් නිර්මාණය කිරීම නොව එයින් ගොඩ එන්න ශක්තිය දීමයි. දේශප්රේමය කියන්නේ එය මිස අමාරුම වෙලාවක කොටස බේරා ගැනීම නෙමෙයි. බැසිල් ඉවත් කිරීමෙන් නොනැවතී විශ්වාසභංගයකින් අගමැති මහින්ද පවා ඉවත් කිරීමට කැසකැවීමෙන් පෙනෙන්නේ වෙනත් දේශපාලන න්යායපත්රයකට පිඹුරුපත් සකසන බවයි. අන්තර්වාර ආණ්ඩුව නමින් අටවා ගන්නා කුමක් හෝ දුර්වල අටමගලයකින් පසුව NGO කලු බළල් හමුදාවට බලය මාරු වුණාට පස්සේ ආයෙත් ඊළග පාර විමල්ට ගම්මම්පිලට බලය ගන්න තරම් දේශපාලනය විවෘත්ත වෙයි කියලා වැරදි තක්සේරුවක ඉන්න එපා. දැන් ඒ යුගය ඉවරයි. NGO දේශපාලනය පෙරට වඩා බලවත්. ගම්මම්පිලයි,විමලුයි දෙන්නගෙම දේශපාලනයත් මේත් එක්කම ඉවර වෙන බවත් මතක තියා ගන්න. බලය පිළිබඳ කෝන්තර නිසා එදා ශ්රී වික්රම රාජසිංහ රජ්ජුරුවොත් එක්‌ක තිබ්බ තරහට ඇහැලේපොලලා එක්‌නැලිගොඩලා ඉංග්රීසින් එක්ක එකතු වෙලා අහිමි කළේ මේ රටේ කිරුළ. අද මේ දෙන්න කරන්නෙත් ඊට සමාන ද්රෝහී ක්රියාවක්.-රත්තනදෙණියේ මේධානන්ද හිමි 2022.04.26.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...