සතියකට අධික කාලයක් ගනුදෙනු සිදු නොකර වසාදමා තිබූ කොටස් වෙළෙඳපොළ ඊයේ (25දා) විශාල ලෙස කඩාවැටීම නිසා ගනුදෙනු අත්හිටුවීමට සහ පසුව ඊයේ දිනට කොටස් වෙළෙඳපොළ වසා දැමීමට සිදුවිය.
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සතියකට පසු ඊයේ උදේ ආරම්භ වුවත් කොටස් වෙළෙඳපොළේ එස්. ඇන්ඩ්. පී. ශ්‍රී ලංකා 20 මිල දර්ශකය දැඩි පසුබෑමකට ලක්වීම නිසා ගනුදෙනු ආරම්භ වී විනාඩියක් ඇතුළත කොටස් ගනුදෙනු විනාඩි 30ක කාලයකට තාවකාලිකව අත්හිටුවන ලදී.
නැවත කොටස් ගනුදෙනු උදේ 11.00ට ආරම්භ විය. එහෙත් අපේක්‍ෂිත ගනුදෙනු වර්ධනය නොවීම සහ එස්. ඇන්ඩ්. පී. ශ්‍රී ලංකා 20 මිල දර්ශකය පෙර ගනුදෙනු දිනට සාපේක්‍ෂව සියයට 10 කට අධික ප්‍රමාණයකින් පහත වැටීම නිසා ඊයේ දිනට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නවතා දැමීමට බලධාරීන්ට සිදුවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...