සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් සදහා සමගි ජන බලවේගය සහ ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම මූලික එකඟත්වයකට පැමිණ ඇති බව වාර්තා වේ.
අදාල එකගත්වයට පැමිණ ඇත්තේ එම දෙපාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතර කොළඹ දී පැවති සාකච්ජාවකදීය.
එම සාකච්ඡාව සඳහා ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සහ ටිරාන් අලස් සහභාගි වී ඇති අතර සමගි ජනබලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක සහ එරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන් සහභාගි වී ඇති බව වාර්තා වේ.
මේ බව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය හමුවකදී පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...