දේශීය පුවත්

මේ තීරණාත්මක අවස්ථාවේදී ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා, ජනතාවගේ කැමැත්තට ගරු කරමින්, හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා මෙන් රටේ දේශපාලන නායකයන් සියලුම  දෙනාගෙන් ඉල්ලීමක් කරන බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම විසින් ඉල්ලීමක් කර තිබේ.

එම සමාගම විසින් නිකුත් කළ ප්‍රකාශයේ මෙසේ ද සඳහන් වේ.

අපගේ රට ආර්ථික, දේශපාලනික හා සමාජයීය වශයෙන් මෙතෙක් මුහුණ දුන් බරපතළම අර්බුදයට මේ වනවිට මුහුණ දෙමින් සිටී.

ආයතනික පුරවැසියකු සහ ව්‍යාපාරික ප්‍රජාවෙහි සාමාජිකයකු වශයෙන් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අතිශය ගැටලුකාරී ආර්ථික තත්ත්වයන් පිළිබඳව සංවේගයට පත් වී සිටින අතර, මෙම ගැටලු සඳහා ඉක්මනින් පිළියම් යෙදිය යුතු බව දැඩි ලෙස විශ්වාස කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීම සුබවාදී ප්‍රවණතා ලෙස හඳුනා ගන්නා අතරම, රටේ දේශපාලනික හා සමාජයීය ස්ථාවරත්වය ඇතිකිරීම සඳහා සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අපි අවධාරණය කරන්නෙමු. ආර්ථික ව්‍යසනයක් වළක්වා ගනිමින් අප අපේක්ෂා කරන ප්‍රතිඵල ළඟා කරගැනීම සඳහා එය අත්‍යවශ්‍ය මූලික සාධකයක් වනු ඇත.

අපි දැන් පරිවර්තනයේ නිමේශයකට පැමිණ සිටින්නෙමු. පවතින අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දීමට රටට හැකියාව ලැබීමට නම්, අන් සියල්ලට පෙර සමාජයීය ස්ථාවරත්වය ළඟා කරගත යුතු වේ. පසුගිය දිනවල වාර්තා වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ, අපගේ සහෝදර පුරවැසියකුගේ මරණය සම්බන්ධ ඛේදනීය පුවත අප කනස්සල්ලට පත්කරයි. රටේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සහ පීඩනයන් අපට හොඳින් වැටහෙන අතර, රාජ්‍ය පාලනය, වගකීම් සහගත බව සහ විනිවිදභාවය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ජනතාව දරන අදහස් සමග අපි ද එකඟ වන්නෙමු.

එමෙන්ම, ජනතාව ඉල්ලා සිටින, අප ද සහාය දක්වන ඉල්ලීම්වලට තිරසාර විසඳුමක් ලබාදීමට නිසි පියවර ගන්නා ලෙසත්, එසේ නොවුවහොත් සමාජ නොසන්සුන්තාවන් දිගින් දිගටම පැවතීමේ අවදානම පිළිබඳව දැනුවත්ව කටයුතු කරන ලෙසත් අපි රටේ නායකත්වයෙන් ඉල්ලා සිටින්නෙමු. රටේ සියලුම ප්‍රධාන පාර්ශ්වයන්ගෙන් අප කරන ඉල්ලීම වන්නේ, රටේ ජනතාවගේ අපේක්ෂාවන්ට ගරු කරමින්, රටේ ව්‍යවස්ථා රාමුව ඇතුළත පොදු එකඟතාවකට පැමිණෙන ලෙසයි.

මේ අතර රටේ පවතින වත්මන් වාතාවරණය සම්බන්ධයෙන් මෙරට තවත් ප්‍රමුඛ පෙළේ සමාගම් ගණනාවක් ද නිවේදන නිකුත් කර තිබේ. මාස්, ඩයලොග්, හේමාස්, සී. බී. එල්, ජෙට්වින්, එක්ස්පෝ ලංකා, සොෆ්ට්ලොගික්, බ්‍රැන්ඩික්ස් යන සමාගම් ද මෙසේ නිවේදන නිකුත් කරමින් ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More