දේශීය පුවත්

ඉන්දියානු රජය චීන ජාතිකයින්ට නිකුත් කර ඇති සංචාරක වීසා අත්හිටුවා ඇති බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) එහි සාමාජිකයින් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් පවසා සිටි.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය(IATA) පසුගිය බදාදා එහි සාමාජිකයන් සඳහා ඉන්දියාවට ඇතුළුවීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කළ අතර, “මහජන චීන ජනරජයේ පුරවැසියන්ට නිකුත් කරන ලද සංචාරක වීසා බලපත්‍ර තවදුරටත් වලංගු නොවේ.” යනුවෙන් එහි සඳන් වේ.

භූතානය, ඉන්දියාව, මාලදිවයින සහ නේපාලයේ පුරවැසියන්ට, ඉන්දියාව විසින් නිකුත් කරන ලද නීවාසික බලපත්‍රයක් හිමි මගීන්ට, ඉන්දියාව විසින් නිකුත් කරන ලද වීසා හෝ ඊ-වීසා බලපත්‍ර ඇති මගීන්ට ඉන්දියාවට ඇතුළු වීමට අවසර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

චක්‍රලේඛයට අනුව, ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයින් (PIO) කාඩ්පතක් ඇති සහ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ඇති මගීන්ට මෙන්ම ඉන්දියාවේ විදේශ පුරවැසි කාඩ්පතක් හෝ පොත් පිංචක් ඇති මගීන්ට ද ඉන්දියාවට ඇතුළු වීමට අවසර ඇත.

කෙසේ වුවද වසර 10ක වලංගු කාලයකින් යුත් ඉන්දියානු සංචාරක වීසා තවදුරටත් වලංගු නොවන බවද ඓඇඨැ ආයතනය නිකුත් කළ චක්‍ර ලේඛනය මගින් පවසා සිටී.
ඓඇඨැ යනු ගෝලීය ගුවන් ගමනාගමනයෙන් සියයට 80 කට වඩා අත්පත් කරගෙන සිටින සාමාජිකයින් 290 ක් පමණ සිටින ගෝලීය ගුවන් සේවා ආයතනයකි.

කොවිඩ්-19 සීමාවන් පවසමින් චීනයේ අධ්‍යාපනය ලබන ඉන්දීය සිසුන්ට නැවත ඉන්දියාවට පැමිණීමට අවසර ලබාදී නොදීම මත ඉන්දියාව චීනය සමඟ ගැටුමක් ඇති කර ගැනීමට පසුගිය කාලය පුරා කටයුතු කරමින් සිටියේය.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් බලාපොරොත්තු වූයේ බොහෝ ඉන්දියානු තරුණයින්ගේ අනාගතය සම්බන්ධ ගැටලුවක් බැවින් මෙම ප්‍රශ්නයට වෙනස් කොට සැලකීමකින් තොරව චීනය ප්‍රවේශයක් ගනු ඇති බවයි.

“කොවිඩ් සීමාවන් පවසමින් ආපසු යාමට අවසර නොදුන් චීනයේ අධ්‍යාපනය ලබන ඉන්දියානු සිසුන්ගේ දුෂ්කරතාවය ද මම දැඩි ලෙස සැලකිල්ලට ගත්තෙමි.මෙය බොහෝ ඉන්දියානු තරුණයින්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්ණයක් බැවින් චීනය වෙනස් කොට සැලකීමකින් තොරව සාධාරණ ප්‍රවේශයක් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු, ”යනුවෙන් ඉන්දියානු විදේශ අමාත්‍යවරයා පැවසීය.

2020 ආරම්භයේදී කොවිඩ් -19 වසංගතය ආරම්භ වූ විට මෙම ඉන්දියානු සිසුන්ට චීනයේ අධ්‍යාපනය අතහැර ඉන්දියාවට පැමිණීමට සිදු විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More