රජය විසින් ගුරු – විදුහල්පතිවරුන් සඳහා රුපියල් බිලියන 33 ක වැටුප් වැඩිවීමක් ද සිදුකර ඇති නිසා වැඩ වර්ජනවලට වඩා දරුවන්ගේ අධ්‍යාපනයට මුල්තැන දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ගුරු – විදුහල්පතින්ගෙන් ඉල්ලා සිටී.
ඉන්ධන මිල ඉහළ යෑම නිසා දුර බැහැර ප්‍රදේශවල ගුරු විදුහල්පතිවරුන්ට ආසන්න පාසලක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් ගුරු විදුහල්පති සංගම් (25 දා) එක්දින වැඩ වර්ජනයක නිරත වන බවත්, එම ඉල්ලීම ඉටුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බවත් පැවසූ ලේකම්වරයා එම නිසා පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව කියා සිටියේය.
එසේ ඉල්ලීම් කිරීමට වඩා හැකිනම් ජනප්‍රිය පාසල් නමැති තත්ත්වයෙන් පාසල් පද්ධතිය මුදාගැනීමට කටයුතු කිරීමට ඒ අය අමාත්‍යාංශයට සහාය දිය යුතු බව පැවසූ ලේකම්වරයා ඉන්ධන මිල ඉහළ යෑම ගරු – විදුහල්පතිවරුන්ට පමණක් නොව රටේ අනෙකුත් රාජ්‍ය සේවකයාගේ සිට සමස්ත ජනතාවටම බලපා ඇතැයි ද පැවසීය.
කොවිඩ් වසංගතය නිසා දරුවන්ගේ අධ්‍යාපනයට බලපෑම් එල්ල වූ අතර, එය ආවරණය කර ගැනීම දරුවන්ගේ පැත්තෙන් අත්‍යවශ්‍ය වී ඇති නිසා දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට මුල්තැන දෙන ලෙසත් අද පාසල්වලට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරුන් අගය කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...