දේශීය පුවත්

දෙලක්‍ෂ හතළිස්දහසකට අධික ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද (25දා) ආණ්ඩුවට එරෙහිව වැඩවර්ජනය කරද්දී තම දරුවන් පාසලට එවනවාද නැද්ද යන්න දෙමාපියන් විසින් තීරණය කළ යුතු බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවැසීය.

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් දුර සිට පැමිණෙන ගුරුවරුන්ට ළඟම පාසලක සේවය කිරීමට අවස්ථාව ලබාදීම ඇතුළු ගැටලු රැසකට විසඳුම් ඉල්ලා ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් අද එක්දින සංකේත වැඩවර්ජනයක නිතර වන බවද හෙතෙම කියා සිටියේය.

ඉන්ධන මිල වැඩිකිරීම සහ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පාසල් ගුරුවරුන්ට හා සිසුන්ට පාසල කරා පැමිණීමේ දැඩි අපහසුතාවයක් මතුවී ඇතැයිද හෙතෙම කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ජෝශප් ස්ටාලින් මහතා මෙසේද කීය.

“ මේ ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කරලා ගෑස් මිල වැඩි කරලා ජනතාවට ජීවත්වෙන්න බැරි තත්ත්වයක් ඇති කරලයි තියෙන්නේ. ඉන්ධන මිල වැඩි කිරීම වගේම ඉන්ධන හිඟය නිසා පාසල්, ගුරුවරුන්ට, දරුවන්ට පාසලට එන්න ඉතා අධික වියදමක් දරන්න සිදුවෙලා. දුර ඉඳලා එන ගුරුවරුන්ට එන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මේ නිසා ඒ ගුරුවරුන්ට තාවකාලිකව හරි ළඟම පාසලේ සේවය කරන්න ඉඩ දෙන්න.

“අද වර්ජනයට ගුරු – විදුහල්පති සමිති 38 ක් එක්වෙනවා. ඒ වගේම, ලබන 28 වැනිදා වෘත්තීය සමිති රැසක් එකතුවෙන් පවත්වන මහා වැඩවර්ජනයට ගුරු විදුහල්පති සන්ධානයක් එක් වෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More