දේශීය පුවත්

ජනතා බලය නමැති සුනාමියට හසුව විනාශය ළඟා කරගෙන ඇති ආණ්ඩුව මේ වනවිටත් තම බලය සුරක්‍ෂිත කරගැනීම වෙනුවෙන් ජනතාවට එරෙහි පීඩනය, මර්දනය සහ තර්ජනය ක්‍රියාත්මක කරමින් සිටින බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එහි ආසන්නම සිදුවීම වන්නේ කොළඹ කොටුව සහ අවට මාර්ග අවහිර වන ලෙස ස්ථිර මාර්ග බාධක ස්ථාපිත කිරීම බවත්, ලෝටස් පාර සම්පූර්ණයෙන් වසා මාර්ග බාධක ඉදිකිරීමෙන් වාහනවලට කොළඹට ඇතුළුවීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුවී තිබෙන බවත් විපක්‍ෂනායකවරයා පෙන්වා දෙයි. මෙයින් ජනතාව සහ ඔවුන්ගේ ජන ජීවිත බරපතළ පීඩාකාරී තත්ත්වයකට පත්ව තිබෙන බවද ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

මේ අතර කොටුව අවට කටුකම්බි සහිත මාර්ග බාධක ස්ථාපිත කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයද දැඩි විරෝධය පළකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More