මේ එක එකාගේ සිත් සනසන්න අපි ඩීල් ගහන්න යන්නේ නැහැ. ඒකට වැඩිය මට සැපයි ගෙදර යන එක. ඔන්න එළිපිටම කිව්වා. හැබැයි මම ගෙදර යන්න ඉස්සර වෙලා ඩීල් ගහන කට්ටියගේ නම් ටික එළිදරව් කරලයි මම ගෙදර යන්නේ කියන එක මතක් කරනව. අපි සූදානම් නැහැ ජනාධිපති අගමැති මැති ඇමැති ඩීල් වලට. අපිට ඔය අන්තර් පාලන ඩීල් එපා. අවුරුදු දෙකක් දෙකහමාරක් රට කාලා රට විනාශ කරල තුනෙන් දෙකකට වැඩිය හොරා කාලා ගසා කාපු මුන් එක්ක එකට වැඩ කරන්නද මේ ජනතාව කියන්නේ…? යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසීය. විපක්ෂ නායකවරයා එසේ විමසා සිටියේ පවතින පාලනයට විරෝධය දක්වමින් ඇඹිලිපිටියේ පැවැති විරෝධතාවකින් පසු ජන රැළියකට එක්වෙමිණි.
සජිත් ප්‍රේමදාසට ඇමරිකාවේ ජනාධිපතිකම දෙනව කිව්වත්, මහා බි්‍රතාන්‍යයේ අගමැතිකම දෙනව කිව්වත් සක්විති රජකම දෙනව කිව්වත් අපි අපේ පාක්ෂිකයන් වන ඔබ සියලු දෙනා පාවා දෙනනේ නැහැ කියන එක කිව යුතුයි. ඒ නිසා කවුරුත් වරදවා තේරුම් ගන්න එපා. එක පැත්තකින් මහපාරේ ජනතාව කියන්නේ මොනවද, ගෝඨාභය රාජපක්ෂ ගෝ හෝම් කියල. රාජපක්ෂ පවුල ගෝ හෝම් කියල. හොරු ටික අයින් වෙන්න කියල හොරුන්ගේ සල්ලි ටික මේ රටට ආපසු ගේන්න කියල. හවුල් ආණ්ඩු තුලින් මේ ටික කරන්න පුලුවන්ද. එහෙනම් මිත්‍රවරුණි සූදානම් වන්න අපේ සියවසේ ජන අරගලය අපි ඉදිරියට ගෙන යනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...