දේශීය පුවත්

ගෝල්ෆේස් පිටියේ විරෝධතාවේ නියැළෙන තරුණ පිරිස සාකච්ඡාවකට සූදානම් නම් ඔවුන්ට අරලියගහ මන්දිරය ඕනෑම මොහොතක විවෘත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“අරගලයක් යනවා. එයාලාට විසඳුමක් බලන්න සාකච්ඡා කරන්න එපායෑ ඉතින්. එයාලා සාකච්ඡාවට එන්නෙ නැති තාක්කල් ඒ අරගලය එහෙමම යයි. එයාලාට මට කියන්න තියෙන්නේ රජයත් එක්ක සාකච්ඡා කරන්න. එයාලා විශ්වාස කරන රජයේ යම් පාර්ශ්වයන් එක්ක කතා කරන එකයි හොඳ කියලායි. මම ඒ කට්ටියට කියන්නෙ, යම් විසඳුමක් හොයාගත්තොත් තමයි හොඳ කියලා. නැත්නම් ඉතින් ඒ අරගලය ඔහොමම දිගින් දිගටම කර කර ඉන්න පුළුවන්”

ප්‍රශ්නය – ඔබ මීට කලිනුත් ආරාධනා කළා අරගලයේ ඉන්න තරුණ පිරිසට ඇවිල්ලා සාකච්ඡා කරන්න කියලා. හැබැයි ඒ කිසිදෙයක් ඉදිරියට ගියේ නෑ?

“නෑ ඉතින් අපට දන්වලා නෑ කාටවත්. ඕනෙ වෙලාවක අරලියගහ මන්දිරය විවෘතයි. මේ කට්ටිය කියනවා නම් අහවල් දවසේ අහවල් වෙලාවට එනවායි කියලා එයාලාට ඕනෙ සාකච්ඡා කරන්න කැමති මැති ඇමැතිවරුන් මම ගෙන්නලා දෙන්නම්. ඒ අයත් එක්ක කතා කරන්න”

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ නෙත් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාවත් සමග පසුගිය 23 වැනිදා පැවති සම්මුඛ සාකච්ඡාවේදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More