දේශීය පුවත්

අද දින (25) ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් තීරණය කර ඇති බව වාර්තාවේ.

ගුරු වෘත්තිකයන්, සිසුන් සහ දෙමාපියන් මුහුණ දෙන ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ලංකා ගුරු සංගමය පවසයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ රට තුළ උද්ගතව ඇති අර්බුදය අවසන් කරන ලෙස රජයට බලකරමින් මෙම වර්ජනයේ නිරත වන බවයි.

ඉන්ධන මිල සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හේතුවෙන් අද දින ගුරුවරුන්ට සේවයට වාර්තා කළ නොහැකි බවයි ඔහු මාධ්‍යය වෙත පවසා සිටියේ.

සහනයක් ලෙස අසල පාසලක සේවය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ගුරුවරුන් ඉල්ලා සිටි බවත් එය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කළ බවත් ඔහු අවධාරණය කළේය.

මේ අතර, විදුහල්පතිවරුන්ගේ සංගමයේ ලේකම් පරාක්‍රම වීරසිංහ මහතා පැවසුවේ, “මෙම අර්බුදයට හේතු වූ දේශපාලන තත්ත්වය සමථයකට පත් කරන ලෙස ඉල්ලා අපි හෙට විරෝධතාවයේ නිරත වනවා” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More