අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩලය මෙහෙය වූ විරෝධතා පාගමනක් අගමැති නිල නිවස දෙසට ගමන් කිරීමත් සමඟ කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසල නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත් බව වාර්තා වේ.
සිය ගනනක් විශ්ව විද්‍යාල සිසුන් අගමැති නිල නිවස දෙසට පා ගමනින් පැමිණ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ අතර ඔවුන්ට එම පරිශ්‍රයට ඇතුළුවීම වැළැක්වීමට පොලිස් නිලධාරීන් බාධක යොදා තිබුණු බව අප වාර්තාකරුවෝ පැවසූහ.
ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමන අද පෙරවරුවේ කොටුව දුම්රියපොළ අසලින් ආරම්භ විය.
විරෝධතාකරුවන් මුලින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පා ගමනින් පැමිණ ඇතත්, ලේකම් කාර්යාල ගොඩනැගිල්ල දෙසට යන මාර්ග පොලිසිය විසින් අවහිර කර වසා දැමීම හේතුවෙන් ඔවුන් විජේරාම මාවතේ පිහිටි අගමැති නිවස දෙසට ගමන් කර ඇති බව වාර්තාවේ.
අද (24) උදෑසන සිටම ලෝටස් පාර ඇතුළුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට දිවෙන තවත් මාර්ග කිහිපයක් සම්පූර්ණයෙන්ම වසා දමා පොලිස් බාධක යොදා තිබූ බව වාර්තා වේ.
මේ අතර විරෝධතා පා ගමනට අදාළව කොටුව පොලිස් ස්ථානය ලබා ගත් අධිකරණ නියෝගයක් ද අවිශිබම සාමාජිකයින් වෙත භාර දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...