දේශීය පුවත්

රටේ වර්තමාන අර්බුදය සම්බන්ධයෙන් පසුගියදා ත්‍රෛනිකායික මහානාහිමිවරුන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඤාණරතන හිමියෝ අත්සන් කළ බව සඳහන් වුවත් සැබෑ ලෙසම එම නිවේදනයට මහනාහිමියන් අත්සන් කර නැතැයි ඉරිදා අරුණ පුවත්පත වාර්තා කර ඇත.

එම පුවත් වාර්තාවට අනුව නාහිමියන්ගේ අත්සන වෙනුවට යොදා ඇත්තේ ස්කෑන් කළ අත්සනක් බවද මහා විහාර ආරංචි මාර්ග පවසයි.

පවතින අර්බුදය ගැන මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් සමග සාකච්ඡා කිරීමට එම විහාර දෙකට කොළඹින් ගිය සඟරුවන රජයට එරෙහිව මහමලුවේ උපවාසයක් හෝ විරෝධතාවක් කිරීමට මුලින් සැලසුම් කර තිබුණත් මහාවිහාර දෙකෙන් ඊට අනුමැතියක් ලැබී නැතැයි කියති.

ඒ අනුව මුලින්ම අස්ගිරිමහා විහාරයට ගොස් මහනාහිමියන් ඇතුළු නාහිමිවරුන් බැහැදැක කරුණු සාකච්ඡා කළ ඕමල්පේ සෝභිත නාහිමියන් ඇතුළු සඟරුවන පසුව මල්වතු මහ විහාරයට ගොස් ඇත.

අස්ගිරි මහානාහිමියන් සමග සාකච්ඡා කර සකස්කළ නිවේදනය පසුව වෙනස් කර ඇතැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත් ඊට මල්වතු මහනාහිමියන්ගේද අත්සන ලබාගැනීමෙන් පසු අස්ගිරි මහනාහිමියන්ට ලිපිය නොපෙන්වා උන් වහන්සේගේ අනුමැතියකින් තොරව ස්කෑන් කළ අත්සනක් යොදා ඇතැයි දැනගන්නට ඇත.

මේ පිළිබඳව අස්ගිරි මහනාහිමියන් සිය කනස්සල්ල පළකිරීමෙන් පසු එලෙස අත්සන යෙදූ හිමිවරුන් මහනාහිමිගෙන් සමාව ඇයැද සිට ඇතැයි කියති.

වෙනස් කළ නිවේදනයට තමන් වහන්සේ අත්සන් නොකළ බව ප්‍රකාශ කළේ නම් පැමිණි හිමිවරුන්ට විශාල අපකීර්තියක් අත්වන බව අස්ගිරි මහනාහිමියන් පසුව එම පිරිසට පවසා ඇතැයි දැනගන්නට ඇත.

ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒ්මේ යෝජනාවක් මෙම ලිපිය තුළ අඩංගුව තිබීම සම්බන්ධයෙන් ද සමාජයේ දැඩි කතාබහක් ඇති විය.

ඉරිදා අරුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More