මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශූරිය වූ කෞශල්‍යා මධුෂානි මෙනෙවිඅය මිය ගෝස් ඇති බව වාර්තාවේ. මිය යන විට ඇයගේ වයස අවුරුදු 25ක් වූවාය.
කුලියාපිටිය – දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය සිය නිවස තුළදීම මියගොස් සිටි අතර කුලියාපිටිය පොලීසිය පැවසුවේ මෙම මරණය සියදිවි නසාගැනීමක් බවට විශ්වාස කරන බවයි.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා කිහිපයකදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනාගෙන ඇති මෙම යොවුන් ක්‍රීඩිකාව ජාතික මට්ටමින් සහ කනිෂ්ඨ මට්ටමින් ශූරතා කිහිපයක්ද දිනාගෙන ඇත.
මධුෂානි 2019 නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර ඇය 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කාන්තා සහය දිවීමේ කණ්ඩායමට ද සහභාගි වූවාය.
ඇය 2014 ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේදී මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් සහ 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...