දේශීය පුවත්

පාස්කු ඉරිදා සිදුකළ ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත් ශ්‍රී ලාංකික කිතුනුවන් සහ විදේශිකයින් සිහිපත් කිරීමට හෙට (25 දා) සඳුදා වතිකානු නුවර බැසිලිකා දෙව්මැදුරේදී විශේෂ දේවමෙහෙයක් පැවැත්වේ.

මෙම දේවමෙහෙයට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සහ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ පවුල්හි සාමාජිකයන් පිරිසක්ද සහභාගි වෙති. ඒ සඳහා ඔවුහු ඉකුත් 22 වැනිදා රෝමය බලා පිටත්ව ගියහ.

මෙම දේවමෙහෙයට වතිකානුවේ රදගුරුවරුන් සහ පියතුමන්ලා පිරිසක්ද සහභාගිවෙනු ඇතැයි කතෝලික සභාව සඳහන් කරයි.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජිවිතක්‍ෂයට පත්වූවන් වෙනුවෙන් සිදු කරන මෙම දේවමෙහෙය ශුද්දෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට බොහෝදුරට ඉඩතිබෙයි. එහිදී උන්වහන්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ පණිවිඩයක්ද නිකුත් කරනු ඇතැයි වාර්තාවේ.

2019 වසරේ අප්‍රියෙල් 21 වැනි දින සිදුකළ මෙම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් මේ වෙන තෙක් නීතිය හමුවට ඉදිරිපත් කර නැතැයි යන දැනුම්දීම කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මෙහිදී ප්‍රකාශයට පත් කිරීමටද නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More