දේශීය පුවත්

කොළඹ වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ වර්ග 525ක හා ශල්‍ය ද්‍රව්‍ය 5376ක තොග අවසන් වී ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා පැවසීය.

වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ වර්ග 1358ක් තිබිය යුතු වුවත් ඉන් 525ක තොග නොමැති බවත් ඔහු කීවේය. තවද ශල්‍ය ද්‍රව්‍ය වර්ග 855 ක් තිබිය යුතු වුවත් ඉන් 5376ක තොග අවසන් වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය. මේ වන විට වෛද්‍ය සැපයීම් අංශයේ තිබිය යුතු ඖෂධ වර්ගවලින් සියයට 50ක තොග අවසන්වී ඇති බවද ඔහු පැවසීය. හිඟ ඖෂධ අතර ජීවිතාරක්‍ෂක ඖෂධ වර්ග 06ක්, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 239ක් හා කලාතුරකින් අවශ්‍ය වන ඖෂධ වර්ග 280ක් වෙයි. තවද අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය 2721ක් මේ වන විට වෛද්‍ය සැපයීම් අංශයේ තොග අවසන් වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

හදිසි හෘදයාබාධ සඳහා භාවිතා කරන ඖෂධ, ජලභීතිකාව සඳහා භාවිතා කරන එන්නත් වර්ග මේ වන විට තොග අවසන් වී ඇති අතර ඉන්දියානු ණය ක්‍රමය යටතේ මෙම ඖෂධ බොහොමයක් ඇණවුම් කර ඇතිමුත් අදාළ තොග ශ්‍රී ලංකාවට පැමිණීමට තව සති හයක් පමණ ගතවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More