ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ ගුරු විදුහල්පතිවරුන් සහ සිසුන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය හෙට (25 දා) අසනීප නිවාඩු වාර්තා කර එක්දින වැඩ වර්ජනයක නිරත වෙයි.
ඉන්ධන මිල ඉහළ යෑම නිසා මෙම පිරිස්වලට විශාල අසාධාරණයක් සිදුවන බවත් එම පිරිස්වලට සහන ලබාදිය නොහැකි නම් ඔවුන් පදිංචි ආසන්නම පාසල්වලට අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බවත් එම සන්ධානයේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. තම ඉල්ලීම්වලට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා යහපත් ප්‍රතිචාර දක්වන බවක් නොපෙන්වන බවත් එම නිසා එක්දින වැඩ වර්ජනයක නිරත වී ඉන් පසුවත් යහපත් ප්‍රතිචාර නොමැති නම් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ස්ටාලින් මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...