දේශීය පුවත්

චන්න ජයසුමන මහතාගේ “ෆේස් බුක්” පිටුවෙන්,
“පසුගිය දින කිහිපය තුල, මාස කිහිපයක් ණයවර ලිපි (LC) විවෘත කිරීමට නොහැකිව තිබු ඖෂධ සහ ශල්‍ය උපාංග සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට අපට හැකි විය. ඇමෙරිකානු ඩොලර් මිලියන 19.2 අදාලව ඖෂධ 186ක් සඳහාත්, යුරෝ 175,000 අදාල වන ඖෂධ සහ ශල්‍ය උපාංග 12 ක් සඳහාත්, ශ්‍රී ලංකා රුපියල් බිලියන 3.7 අදාල වන ඖෂධ, ශල්‍ය උපාංග සහ වෛද්‍ය පාරිභෝජක ද්‍රව්‍ය 73 ක් සඳහාත් එසේ ණයවර ලිපි විවෘත කෙරිණි.
ඉන්දියානු රජය පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101 ක් ඉන්දීය නාවික හමුදාවට අයත් ගාරියල් නෞකාවෙන් ලබන බදාදා (27) ශ්‍රී ලංකාවට ලඟා වේ.
ඉන්දුනීසියානු රජය ලබා දුන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 340 වටිනා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගයද සතියක් ඇතුලත ශ්‍රී ලංකාවට ලැබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන අමෙරිකානු ඩොලර් මිලියන 1.37 වෛද්‍යාධාර මැයි පළමු සතියේ ශ්‍රී ලංකාවට ලැබේ.
තායිලන්ත රජය ලබා දෙන ශ්‍රී ලංකා රුපියල් මිලියන 340 වටිනා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග මැයි පළමු සතියේ ශ්‍රී ලංකාවට ලැබේ.
සිංගප්පූරු රතු කුරුස සංවිධානය ද ශ්‍රී ලංකා රුපියල් මිලියන 340 වටිනා ඖෂධ ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා දෙන බව තහවුරු කරන ලදි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More