විජේදාස රාජපක්ෂ මහතා ප්‍රමුඛ පක්ෂ 11 නායකයින් විසින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාල කෙටුම්පත කථානායකවරයාට බාරදීම පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා අප වෙත දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන්, “මේ වෙලාවේ රටේ ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බලාපොරොත්තු වන්නේ පවතින අර්බූදය ජය ගැනීම සඳහා සියළු පාර්ශවලට එකඟ විය හැකි වැඩ පිළිවෙලක් රටට ඉදිරිපත් කරයි කියලයි. සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන ආණ්ඩු සෑදීම සඳහා එක පූර්ව කොන්දේසියක් වන්නේ එයයි.එහෙම වැඩ පිළිවෙලක් නැති ආණ්ඩු වලින් ජනතාවට වැඩක් නැහැ.පක්ෂ 11 හේ නායකයන් කළ යුතු දේ වෙනුවට ව්‍යවස්ථා සංශෝධන මර උගුලක් ඇටවීමට දායක වීම කනගාටු දායක තත්වයක්.ඒක මර උගුලක් වෙන්නේ අටවන පුද්ගලයා විජේදාස රාජපක්ෂ නිසා.ඔහු 19 වෙනි සංශෝධනය සම්මත කළ අවස්ථාවේදී කෙටුම්පතේ නොතිබූ සංශෝධන 40ක් ඊට ඇතුල් කළා. ඒ නිසා 21ට බෙදුම්වාදීන්ට අවශ්‍යය සංශෝධන එකක් දෙකක් ඇතුල් කරණ එක ඉතාම සුළු දෙයක්.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...