දේශීය පුවත්

> කොටියා පරාද වූ මැයි 19 දිනය තම ජීවිතයේ කනගාටුදායකම දිනය යැයි වරෙක පැවසූ නළුවෙක් අද සහරාන්ගේ ප්‍රහාරයට යුක්තිය ඉල්ලා පාරට බැස ඇත.
> පාස්කු ප්‍රහාරය සිදුවූ දිනවල මාසයක් දෙකක් ගතවන තුරු ඇඳන් යට සැඟවී සිටි විකල්ප කල්ලි අද මේ නළුවාගේ කුරුස පා ගමන ගැන කවි කතා වැහි වස්සන්නට පටන් ගෙන තිබේ.
> කෙසේ හෝ වේවා ප්‍රභාකරන් අතින් ඝාතනය වූ අයට යුක්තිය ඉල්ලා සිටීම වෙනුවට ප්‍රභාකරන්ගේ මරණය වෙනුවෙන් හඬා වැළපුණ මේ නළුවාට සහරාන් අතින් මියගිය ජනයා ගැන සිහිපත් වීම සතුටට කරුණකි.
> එහෙත් අද මේ නළුවාට අවශ්‍ය වී ඇති යුක්තිය කුමක්ද?
> වින්දිතයන්ට යුක්තිය අවශ්‍ය නම් ඔහු කළ යුත්තේ සහරාන්ලාගේ අන්තවාදයට එරෙහි වීමය. එහෙත් ගෝල්පේස් ගොස් නළුවා පවසන්නේ බලය ලබාගැනීමට රාජපක්ෂලා කරන බලු වැඩ රටටම පැහැදිලි බවය.
> දේශපාලන අනාථයන් විසින් ගොතනු ලදුව අද ආගමික නායකයන් පවා කර තබාගෙන යන කිසිදු පදනමක් නැති ඒ මුග්ධ ප්‍රලාපයේ අරමුණ පාස්කු ප්‍රහාරයට අදාළ ම්ලේච්ඡ අන්තවාදය ගැන වචනයක් කතා නොකර, එහි වගකීම වෙනත් පාර්ශ්වයක් මත පටවමින් සහරාන්ලා ආරක්ෂා කිරීමය.
> පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අට දෙනෙකු අද ජීවතුන් අතර නැත. ඊට සම්බන්ධ විශාල පිරිසක් තවම අත්අඩංගුවේ පසුවෙති. නඩු කටයුතු තවම සිදුවන අතර, මෙවැනි නඩුවක තීන්දුව දීමට වසර තුනක් ගතවීම අමුතු දෙයක් නොවේ.
> පාස්කු ප්‍රහාරය හා ඒ සමග බැඳුණු අන්තවාදී ජාලය ගැන ඒ දිනවල පුවත්පත් පෙරළා බැලූ නොදරුවෙකුට වුවද තොරතුරු කන්දරාවක් සොයාගත හැකිය.
> ඊට අමතරව පාස්කු ප්‍රහාරය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් යහපාලන රජය විසින්ම පත්කළ පාස්කු කොමිසමේ වාර්තාව තුළ දක්නට ලැබේ.
> පිටු හත්සීයකට වැඩි ඒ වාර්තාව තුළ බලය ලබාගැනීමේ දේශපාලන කුමන්ත්‍රණයක් ගැන වචනයක්වත් සඳහන් වී නැත.
> වසර තුනක් තිස්සේ රහස් පොලීසිය, බුද්ධි අංශ, ජනාධිපති කොමිසන් හරහා හෙළිදරව් කරගත් තොරතුරු සම්භාරයේ නැති දෙයක් නළුවා විසින් සොයාගෙන තිබේද?
> එසේ නම් ඔහු කළ යුත්තේ කුරුස උස්සාගෙන නරි නාටක රඟදැක්වීම නොව තමාගේ විස්මිත සොයාගැනීම පිළිගත හැකි කරුණු කාරණා සහිතව රටට හෝ රහස් පොලීසියට ඉදිරිපත් කිරීමය.
> මේ ආණ්ඩුව අන්තවාදය මැඩලීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බව සත්‍යයකි. එසේ වුවද පාස්කු ප්‍රහාරය ආණ්ඩුවේ වැඩක්ය යන වඳුරු කුණුහරපයට එයින් හිමිවන වලංගුභාවය කුමක්ද?
> එසේ වුවද අභූත චෝදනා සම්බන්ධව මේ ආණ්ඩුවේ විකාරසහගත නිහඬ බව නිසාම අද ඒ මතය සැලකිය යුතු ලෙස සමාජගත කිරීමට නළුවෝ සමත්ව සිටිති. එහි ඇති බිහිසුණු කාරණය වන්නේ මේ ඇස් කන් නැති ආණ්ඩුව අපකීර්තියට පත්වීම නොව අන්තවාදයේ සැබෑ අනතුරට එයින් මනා ආරක්ෂාවක් සැපයීමය.
> යම් හෙයකින් කිසියම් රජයක් මෙරට ඉස්ලාම් අන්තවාදය ගැන දැඩි ක්‍රියාමාර්ග ගත්තේ නම් ඊට එරෙහිව මුස්ලිම් ජනයාගේ නිදහස ගැන කියමින් කාටත් පෙර පාරට බහින්නේ මේ කල්ලියේම නළුවන් බව අමුතුවෙන් කිව යුතු නැත.
> මේ නළුවාට කවි සීපද ලියන කල්ලිය පසුගිය කාලය පුරාම සහරාන්ලාගේ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටියේ කෙසේද යන්න අවශ්‍ය නම් මූලාශ්‍ර සහිතව පෙන්වා දිය හැකිය.
> පසුගිය කාලයේදී දේශපාලන වශයෙන් බිමට සමතලා වී සිටි මේ පිරිස වත්මන් ආණ්ඩුවේ ගොන්කම්වල පිහිටෙන් නැවත අළු ගසාදමන්නට පටන් ගෙන තිබේ.
> කෙසේ හෝ වේවා මේ නළුවා රගපෑමට නම් අති දක්ෂයෙකි.
> ව්‍යාජත්වය, බොරුව හා තක්කඩිකම පිරුණු ජාතිවාදී දේශපාලන ව්‍යාපෘතිවලට ආදරය, අරගලය, මිනිස්කම වැනි සෝබන වචන අලවන ගොබ්බයන් පිරිසක් තාවකාලිකව මත් කිරීමට අද ඔහුගේ රංගනය සමත් වී තිබේ.
> පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා සිටීමේ නාමයෙන්, පාස්කු ප්‍රහාරයේ වගඋත්තරකරුවන් ආරක්ෂා කරන නින්දිත දේශපාලන රංගනය දෙස ඇස් නිලංකාර වී බලා සිටින අයට කිව යුත්තේ මෙපමණකි.
> මේ කල්ලියේ තක්කඩි මතවාද යම් දිනක මේ රටේ ජයග්‍රහණය කළහොත් සැබෑ ජාතිවාදයේ අනතුර කෙතරම් බරපතළද යන්න නුඹලාට සියැසින්ම දැක ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
> එන්න. එතෙක් අපි අරගල වින්දනයෙන් මත් වී කවි ලියමු.
ඉසුරු ප්‍රසංග
අනාගතය අපි තරුණ ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More