පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කිරීමේ අරමුණ ඇතිව වතිකානයේ බැසිලිකා දෙව්මැඳුරේදී පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයට සහභාගි වීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රමුඛ අගතියට පත් වූ පිරිසක් 21 දා රාත්‍රියේ රෝමය බලා පිටත්ව ගියහ.
කාදිනල්තුමා ප්‍රමුඛ මෙම පිරිස අතර පාස්කු ප්‍රහාරවලින් මියගිය අයගේ පවුල්වල සාමාජිකයන්, ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සහ කොළඹ සහායක මැක්ස්වල් සිල්වා රදගුරුතුමා ඇතුළු පියතුමන්ලා සහභාගි වී ඇත.
මේ හැර පාස්කු ප්‍රහාරවලින් මියගිය පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් මෙහිදී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට ද නියමිතව ඇත. එම අමිහිරි සිද්ධිය ගැන ඔවුන් පාප්වහන්සේට පවා කරුණු හෙළි කරනු ඇතැයි කතෝලික සභාව කියයි.
මෙහිදී පැවත්වෙන දේවමෙහෙයට රෝමයේ වෙසෙන ශ්‍රී ලාංකික බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...