දෙශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටින්නේ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිට විය යුතු බවත් එය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල දායකත්වය ලබා දිය යුතු බවත්ය.
නිශ්චිත කාල වකවානු සහ නිශ්චිත වැඩසටහනක් පාර්ලීමේන්තුව විසින් සකස් කර ජනතාව ඉදිරියේ තැබිය යුතු බව පවසන ඒ මහතා ජනාධිපතිධූරය අහෝසි කරන හෝ වෙනත් ව්‍යවස්ථා සංශෝධනයක් කිසිසේත්ම නොකළ යුතු බව අවධාරණය කළේය.
“ගෝඨා ගෝ හෝම්” යන විරොධතාවය පිටුපස සියලු දුෂ්ඨ බලවේග ඒකාරාශී වී සිටින බව පවසන ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා එලවා දැමීමෙන් රට මුහුන දෙන බරපතල ප්‍රශ්නය විසඳ ගත හැකිනම් තම පක්ෂයද ඊට එකතු වන බව පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...