“අවනීතිය රජ කරවූ, ප්‍රතිපත්තියකින් තොර, මර්දනකාරී ආණ්ඩුව ජනතා මතයට හිස නමනු” මැයෙන් ලබන සතියේදී උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
තම සංගමයේ මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව මෙම තීරණයට එළැඹි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා පැවසීය.
ලබන සතියේදී පළාත් මට්ටමින් ආරම්භ කරන මෙම උද්ඝෝෂණ මාලාවට ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිරි ක්‍රියාමාර්ග වෙත එළැඹීමට සිය සංගමය තීරණය කළ බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.
“මේ ආණ්ඩුව ප්‍රතිපත්ති රැක්කේ නැහැ. අවනීතිය රජ කෙරෙව්වා. මර්දනය ගෙනාවා. ආර්ථික, සාමාජික මෙන්ම දේශපාලනිකවත් රට ආගාධයටම ඇදදැමුවා. සෞඛ්‍ය අන් කවරදාටත් වඩා විශාල අර්බුදයක සිර කෙරෙව්වා. මේ රජය මහජන මතයට හිස නමන්නේ නැහැ. වගකීම භාර ගැනීම වෙනුවෙන් කිසිම යාන්ත්‍රණයක් නැහැ. රට ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළක් නැහැ. වහාම පාර්ලිමේන්තුව හරහා රට ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළකට යා යුතු වෙනවා යැයි ද ඒ මහතා කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...