දේශීය පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පමණක් නොව 20 වෙනි සංශෝධනය බල රහිත කොට 19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරමින් 21 වැනි සංශෝධනයක් කරා රට ගමන් කළ යුතු බව තමන් අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව කොළඹදී තමන් හා අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැති බවත් මේ හමුවේදී තමන් මේ කරුණු ප්‍රකාශ කළ බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නම් ජනමත විචාරණයක් පැවැත්වීම හා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකක කැමැත්තක් ලබා ගැනීම මේ අවස්ථාවේදී ඉතා අසීරු කරුණක් බව අගමැතිවරයා තමන්ට ප්‍රකාශ කළ බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා නමුත් ජනතාව විධායක ජනාධිපති ක්‍රමය නොව ජනාධිපතිවරයාම ඉල්ලා අස්විය යුතු යැයි කියන සමාජ වටපිටාවක් තුළ ජනමත විචාරණයකට යන්නේ නම් ජනතාව ඊට පූර්ණ සහය ලබා දෙනු ඇතැයි තමන්ට විශ්වාස බව තමා ප්‍රකාශ කළේ යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More