ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් බොහෝ කරුණු යටපත් කරමින් එහි නිර්දේශ සියල්ල ඉටු නොකොට ඒක පාක්ෂික අයුරින් ඇතැම් කරුණු වසන් කරලීම හා සත්‍ය හෙළිදරව් වීම වළක්වාලමින් වත්මන් රට පාලනය කරන පාලකයා කිරීම තරයේ හෙළාදකින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේදී ඊයේ පාස්කු ප්‍රහාර සැමරුම් පූජාවට එක්වෙමින් පැවසූහ.
එහිදී කාදිනල්තුමා කළ කතාවේ මෙසේද සඳහන් විය.
මේ මෑත කාලයේදී ශ්‍රී ලංකාව තුළ සිදුවූ භයානකම ත්‍රස්ත ප්‍රහාරය ලෙස හැඳින්විය හැකි 2019 අප්‍රේල් 21 වන දින පාස්කු ප්‍රහාරයට, අදට හරියටම වසර 3ක් සම්පූර්ණ වී හමාරය. එදා මේ වෙලාවටම වාගේ මේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැඳුර මෙන්ම, මීගමුව කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුරත් මඩකලපුවේ පිහිටි සියෝන් දෙව්මැඳුරත් කොළඹ කොටුවේ පිහිටි කිංස්බරි හෝටලය, ෂැන්ග්‍රීලා හෝටලය හා ගාලු මුවදොර පිහිටි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය යන ස්ථානයන් මේ ප්‍රහාරයෙන් විනාශ වී ඒවායේ ආගමික මෙහෙයන් සඳහා මෙන්ම සංචාරකයන් ලෙස එක්ව සිටි 269 දෙනකුගේ ජීවිත විනාශවී 500කට වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කරන්නට සිදුවූ බව ඒ අඳුරු මතකයයි….
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...