පසුගිය පෙබරවාරි 24 වනදා රුසියාව විසින් යුක්‍රේනය “ආක්‍රමනය” කිරීමෙන් ඇරැඹි රුසියානු යුක්‍රේන යුද්ධයේ ඉතාමත් තීරණාත්මක ජයග්‍රහනයක් අත් පත් කර ගැනීමට රුසියාව සමත් වී ඇත්තේ යුක්‍රේනයේ මරියුපෝල් නගරය රුසියානු හමුදා යටතට ගැනීමත් සමඟ බව විදෙස් විත්ති විචාරකයෝ පවසති.
මරියුපෝල් නගරය බිඳ වැටීමත් සමඟ යුක්‍රේන හමුදා සොල්දාදුවෝ මානසිකව බිඳ වැටී ඇති බව විදෙස් විත්ති විචාරකයන්ගේ මතය වී තිබේ. කෙසේ වුවද යුක්‍රේන ජනාධිපති වොල්දිමිර් සෙලෙන්ස්කි මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසන්නේ, “මරියුපෝල් නගරය රුසියානු හමුදා යටතට අත්පත් වූවා යැයි රුසියාව පාර්ශවයෙන් අදහස් පල වුවත්, යුක්‍රේන හමුදා තවමත් ඇස්වොස්ටාල් කර්මාන්ත සංකීර්ණයේ බලය තහවුරු කර ගනිමින් සිටිනවා. අපට අපගේ විදෙස් මිතුරන් උපකාර කරන්නේ නම් යුක්‍රේන විරෝධාර හමුදා ආක්‍රමණික රුසියානු හමුදා පලවා හැරීමට කටයුතු කරනවා. අපි රුසියානු හමුදා පලවා හැරීමට උත්සහා ගනිමින් සිටිනවා. නමුත් අපට ඒ සඳහා කාලය සහ මිතුරන්ගේ උදව් අත්‍යවශ්‍යයයි. එසේ නොමැතිව අපට අපහසුයි” යනුවෙන් පැවසුවේය.
රුසියා-යුක්‍රේන යුද්ධයේ වත්මන් තත්වය සම්බන්ධයෙන් අදහස් පල කරන රුසියාවේ ව්‍යාපාරික කටයුතු වල නියැලෙන ව්‍යාපාරිකයෙකු වන ආචාර්ය ජගත් චන්ද්‍ර වංශ මහතා, “මරියුපෝල් නගරය සෝවියට් රුසියාව පැවැති කාලයේ ඉදි කරන ලද ඇස්වොස්ටාල් කර්මාන්ත සංකීර්ණය පිහිටි ප්‍රදේශයයි. එය අත් පත් කර ගැනීම රුසියාවේ විශාල ජයග්‍රහනයක්. මේ වන විට එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ පොලොව යට පිහිටා තිබෙන ආරක්ෂක අගල් තුල යුක්‍රෙනයේ නව නාසි හමුදා බලඇණි සිර වී සිටිනවා. ඔවුන් ගනනින් ඉතා විශාල සංඛ්‍යාවක්. ඔවුන්ව විනාශ කර ලීමට ප්‍රහාර නොකරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා නියෝග නිකුත් කර තිබෙනවා. ඒ කාරණා කිහිපයක් නිසා. ඉන් පළමු වැන්න සෝවියට් රුසියාව කළ දැවැන්ත නිර්මාණයක් විනාශ කර ලීමට රුසියාවට අවශ්‍යය නොවන නිසා. අනෙත් වැදගත් කාරණය භූගතව පිහිටා තිබෙන නගර සංකීර්ණයක් තුළ සිදුවන සටනකදී රුසියානු සෙබලුන්ට සිදුවන හානිය අතිවිශාල වීමට තිබෙන ඉඩකඩ ඉතා ඉහළ නිසා. ඒ අනුව කොටුවී සිටින යුක්‍රේන හමුදා සෙබළු සහ කුලීකාර හමුදා සෙබළු යටත්වීම යන තීරණාත්මක මංසන්ධියට පැමින තිබෙනවා. මෙම යුද්ධය රුසියාවේ ජයග්‍රහනයෙන් අවසන් වෙනවා. අමෙරිකාව ප්‍රමුඛ නේටෝවේ බරපතල පරාජයක්. අපේ වගේ රටවල නායකයන් ලෝකයේ නව දිශානතිය සම්බන්ධව අලුත් තක්සේරුවකට යාමට මෙය හොඳ අවස්ථාවක්.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...