දේශීය පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ණය තිරසාර මට්ටමකට පත්කර ගතහැකි බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය වන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි මහතා මේ බව රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය පසුගිය අඟහරුවාදා (19දා) ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග ණයදීමේ විකල්ප සහ ප්‍රතිපත්ති සැලසුම් පිළිබඳව සාකච්ඡා කළ බවද නොසාකි මහතා පවසා ඇත.

ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු විසදීමට සහ හැකි ඉක්මනින් ආර්ථිකය තිරසාර වර්ධන මාවතකට ගෙන ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය දක්වන වැඩසටහනක් සැලසුම් කළ යුතු බවද ඔහු සඳහන් කර තිබේ.

ගෙවුම් ශේෂ ප්‍රශ්න සඳහා හදිසි සහාය අවශ්‍ය රටවලට ලබාදෙන කඩිනම් මූල්‍ය පහසුකමක් ශ්‍රී ලංකාවේ මුදල් ඇමැතිවරයා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය ගැන මෙන්ම ශ්‍රී ලංකාවේ දුප්පත් සහ පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳව මූල්‍ය අරමුදල කණස්සල්ලට පත්ව සිටින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වැඩිදුරටත් පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More