දේශීය පුවත්

ශ්‍රී ලංකාව තමන්ගේම කොටසක් බවට පත් කිරීමට ඉන්දියාවට අවශ්‍ය බව පවසමින් සමාජ මාධ්‍යවල සැරිසරන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතාගේ ට්විටර් පණිවිඩයක් ලෙසින් සැකසී ඇති පණිවිඩය අසත්‍ය බව ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර ඇතැයි ඉන්දීය මාධ්‍යය පවසයි.

ශ්‍රී ලංකාවේ ජනතාව එය අනුමත කරන්නේ නම් ශ්‍රී ලංකාව ඉන්දීය ප්‍රාන්තයේ කොටසක් බවට පත්වන බව ප්‍රකාශ කිරීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බව පවසන ට්විටර් පණිවිඩයක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිර යමින් පවතී. ඉන්දීය ප්‍රරන්තයක් බවට පත්වීමට එකඟ වන්නේ නම් ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආහාර සහ ඉන්ධන හිඟය විසඳන අතර ඉදිරි ප්‍රශ්න ගැනද සැලකිලිමත් වනු ඇතැයි ව්‍යාජ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතාගේ නිල ගිණුම මගින් පළ කර ඇති බව පෙනෙන ලෙස සකසා ඇති ට්විටර් පණිවුඩයේ සඳහන් වන්නේ, “ශ්‍රී ලංකාවේ ජනතාව එකඟ වන්නේ නම්, ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට ප්‍රකාශ කිරීමට ඉන්දියාව කැමැත්තෙන් සිටී. මේ නිසා රට මුහුණ දී සිටින ගෑස්, ඉන්ධන, කිරි ආහාර, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රශ්න රැසක් විසඳා ගැනීමට ඉන්දියාවට හැකි වේ. මීට අමතරව, ශ්‍රී ලංකාවේ අනාගත ගැටලු සියල්ල ඉන්දියාව විසින් ද සොයා බලනු ඇත. ඉන්දියාව ශ්‍රී ලංකාවේ මිනිසුන්ට පැවැත්මේ හස්තයක් දිගු කරයි.”. යනුවෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති වූ ජේෂ්ඨ නීතිඥ මහතෙකු ලංකා ලීඩ් පුවත් අඩවිය වෙත පවසා සිටියේ, ව්‍යාජ ලෙස සැකසුනු ට්විටර් පණිවිඩයක් වුවද ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමේ ඉන්දියානු වුවමනාව ව්‍යාජයක් නොවන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More