රඹුක්කන සිදුවූ ජීවිත හානිය අන්තිම ජීවිත හානිය ලෙස සලකා මහජන හඬට අවනත වන ලෙස සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා රජයෙන් ඉල්ලා සිටියේය.
රඹුක්කන සිද්ධිය ඉතා කනගාටුදායක සිද්ධියක් බවත් ඩීසල්, පෙට්‍රල්, ගෑස් නැතිව ජීවත් වීමට නොහැකි ආර්ථික තත්ත්වයක සිටින ජනතාව ප්‍රචණ්ඩත්වය තුළින් මර්දනය නොකරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය. ජනතාවගේ ආදායම් තත්ත්වය අහිමි වී ගියේ ද දූෂිත පාලකයන්ගේ දූෂිත ගනුදෙනු නිසා බව ද ඒ මහතා කීය.
තරුණ හැසිරීම් වෙනත් කාලවල මෙන් නොහැසිරී ප්‍රචණ්ඩත්වයෙන් තොරව ශිෂ්ට සම්පන්න විදියට තරුණයන් අරගලවල නිරත වන බවත් එය ලෝකයේ අනෙක් රටවලට ද ආදර්ශයක් වන ආකාරයට කටයුතු කරන නිසා රාජ්‍ය මර්දනයෙන් එය මර්දනය නොකරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.
තරුණ නැගිටීම් පිළිඅරගෙන තවදුරටත් ජීවිත බිලිගන්නේ නැතිව අපිට බලයේ ඉන්න පුළුවන් කියා නොසිතා පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදී විදියට ගෙදර යෑමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...