දේශීය පුවත්

වත්මන් ජනතා අරගල විසඳීමට සියලු විකල්ප ගෙන අවසන් බැවින් පාර්ලිමේන්තුවේ සියලුම පක්‍ෂ එක්වී අවසන් තීරණයක් ගෙන ජනාධිපතිවරයා වෙත දන්වා විසඳුමක් ලබාගත යුතු බව එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රඹුක්කන සිද්ධිය සහ වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

රඹුක්කනදී මියගිය චමින්ද ලක්‍ෂාන් අපේ සන්දීත් සමරසිංහ හිටපු මන්ත්‍රීතුමාගේ ආධාරකරුවෙක්. මම අද එතුමාගේ බිරිඳටත් කතා කළා. මම එතුමාව හොඳට දන්නවා. එතුමා එදා අපේ පා ගමනට අපිත් එක්ක ආපු යොවුන් පෙරමුණේ සාමාජිකයෙක්. මේ විරෝධතාව අපි සංවිධානය කරපු එකක් නොවෙයි. එදා අපිට මතකයි දැදිගම අචින්තට වෙඩි තියලා මැරුවා. මෙදා ලක්‍ෂාන් මැරුවා. දැන් සන්දීත් සමරසිංහ ලංකාවෙත් නෑ. දැන් මෙතැන ප්‍රශ්නය තිබෙන්නේ අවහිර කළාට බවුසරය ගිනි තියන්න ගියාද කියන එක. ඔහු එහෙම ගිනි තියන්න යන කෙනෙක් නොවෙයි.

අපි අහන්නේ බවුසරය එවන්න ප්‍රමාද වුණේ ඇයි කියායි? අද ලංකාවට අවශ්‍ය තරම් තෙල් නැහැ. මේ අර්බුදය නවත්වන්න නම් අපට තෙල් නැව් 04 ක් එන්න ඕනෑ. තෙල් නැතුව කොහොමද ජනතාව ජීවත්වෙන්නේ. ඉන්ධන ප්‍රවාහන කටයුතු කඩාකප්පල් කරන්න කවුරුවත් ක්‍රියා කරන්නේ නෑ. අපි මේකට විසඳුමක් දෙන්න ඕනෑ. එක විසඳුමයි තිබෙන්නේ. විකල්ප ඉවරයි. අපි පක්‍ෂ නායකයෝ රැස්වෙලා තීරණයක් අරගෙන කථානායක තුමාට දෙමු. මේ අරගල තව වැඩි වෙන්න පුළුවන්. අපි පක්‍ෂ භේදයෙන් තොරව වැඩ කරමු. අපි එක තීරණයක් ගනිමු. මේක තවත් ඉදිරියට යන්න බෑ. මේ සිද්ධිය ගැන ස්වාධීන පරීක්‍ෂණයක් අවශ්‍යයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More