රඹුක්කනදී වෙඩි වැදී මියගිය තම පියා වෙනුවෙන් සාධාරණයක් බලාපොරොත්තු වන බව සිද්ධියේදී මියගිය 42 හැවිරිදි චමින්ද ලක්‍ෂාන් මහතාගේ දියණිය ඊයේ (20 දා) මාධ්‍ය හමුවේ පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දියණිය මෙසේද කියා සිටියාය.
“තාත්තා අපිට දවල් කියලා ගියේ ෂෙඩ් එකට පෙට්‍රල් ගහන්න යනවා කියලා. හවස බයික් එක ගන්න යද්දි තමයි වෙඩි තියලා තියෙන්නේ. තාත්තා තනියම ඉදිද්දී තමයි වෙඩි තියලා තියෙන්නේ. මේ සිද්ධිය එක මාමා කෙනෙක් දැකලත් තියෙනවා. අපිට මේකට සාධාරණයක් ඕනේ. මට සල්ලි මිල මුදල් එපා. මට මගේ තාත්තා වෙනුවෙන් පුංචි හරි සාධාරණයක් ඕනේ.
මම හැම තිස්සේම තාත්තට කෝල් කරනවා. එතකොට කියනවා එයා කොහෙද ඉන්නෙ කියලා. පස්සේ මම කෝල් ගත්තා. ඒත් ඉස්සුවේ නැහැ. පස්සෙ තමයි කෑගල්ලේ ඉන්නවා කියලා දැන ගෙන මම ගියේ. එතකොටත් තාත්තා නැතිවෙලා ඉඳලා තියෙන්නේ. මේ කිසිදේකට තාත්තා සම්බන්ධ නැහැ. නිකන් නිස්කාරනේ මගේ තාත්තාව නැති කළේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...