දේශීය පුවත්

පැරැණි මිලට මිලදී ගෙන රඹුක්කනට ගිය ඉන්ධන බවුසරය වරකාපොල නගරයේ නවත්වා තබා ගෙන පසුව වැඩි මිලට විකිණීමට යෑම නිසා වටිනා මිනිස් ජීවිතයක් රටට අහිමි වූ බව කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මැතිසබයේදී පැවසීය.

ඊට ඇමැති කනක හේරත් සහ එම සමුපකාර ඉන්ධන හල් සභාපති බස්නායක නමැත්තා වගකිව යුතු බව පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

දින හතරක් තිස්සේ රඹුක්කන ජනතාවට තෙල් තිබුණේ නෑ. හෙට එනවා හෙට එනවා කියලා තෙල් නොදී ප්‍රමාද කළා. කනක හේරත් ඇමැතිවරයා ඒ වගකීම ගන්න ඕනෑ. ඒ සමුපකාර ෂෙඩ් එකේ බස්නායක කියන සභාපති ඇමැතිවරයාගේ ලේකම්වරයෙක්. ඒ වගකීම ඔහු ගත යුතුයි. ඉන්ධන මිල වැඩිවුණේ 18 දා රාත්‍රියේ. මේ ඉන්ධන බවුසරයට අදාළ ඉන්වොයිස් එක අරගෙන තිබෙන්නේ පරණ මිලට. පරණ ගාණට අරගෙන බවුසරය පිටත්වෙලා. රඹුක්කනට යන්න පෙර බස්නායක කියන ඒ සභාපතිවරයා බවුසරය වරකාපොල නගරයේ නවත්වලා. ඊළඟ දවසේ ගේන්න කියලා උපදෙස් දීලා තිබෙන බව යම් යම් අය ප්‍රකාශ කරලා තිබෙනවා. මේ බවුසරය ඊළඟ දවසේ උදේ ගෙනැල්ලා. බානකොට ජනතාව පරණ මිලට තෙල් ඉල්ලුවා. ඒක සාධාරණයි. මේක ගොඩින් බේරගන්න තිබුණා. කීයක් හරි වැඩිපුර ගන්න ගිය නිසා එක් ජීවිතයක් නැතිවෙලා තිබෙනවා. ඒ වගකීම රජය ගන්න ඕනා. රඹුක්කන සිද්ධියේදී පොලිසිය ත්‍රිරෝද රථයකට ගිනි තියලා තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More