දේශීය පුවත්

රට තුළ පවත්නා වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුද විසඳා මහජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළද ඒ පිළිබඳව සාධනීය අවධානයක් යොමු නොකර ජනතා ගැටලු විසඳීමට පියවර නොගන්නේ නම් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කරන බව ත්‍රෛනිකායික මහා සංඝරත්නය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති.

මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන, අමරපුර මහා නිකායේ මහානායක දොඩම්පහළ චන්ද්‍රසිරි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ විමල යන මහ නාහිමිවරු විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

පීඩාවට පත්ව සිටින සමස්ත ජනතාව දෙස සංවේදීව බලා රට දේශපාලනික හා ආර්ථික වශයෙන් ස්ථාවරයකට ගෙන ඒමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මහජන නියෝජිතයකුම සිය පූර්ණ දායකත්වය ලබාදිය යුතු බවද ඉතා නුදුරේදීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂ නායකයන් කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද උන්වහන්සේලා සිය නිවේදනයෙහි සඳහන් කර සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More