විජයදාස රාජපක්ෂයන්ගේ 21වනි ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කරන ලෙස ඉල්ලන පැකේජ් කාරයින් සමග ජාතික බලවේග සිට ගන්නේ කෙසේදැයි ජාතික සංවිධාන ප්‍රශ්න කරයි. ඒ පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ 2015 දී 19 වැනි සංශෝධනය සම්මත කරද්දී කාරක සභා අවස්ථාවේදී විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා දිනේෂ් ගුණවර්ධනලාට බලපෑම් කළේ රස්තියාදුකාරයෙක් වගේ. ඔහු කෙටුම් පතේ නොතිබූ සංශෝධන 40ක් කාරක සභා අවස්ථාවේදී ඇතුළු කළ ව්‍යවස්ථා මකබාස් කෙනෙක්.
එදා ඔහුට යටත් වූ අයත් ඔහු සමග එක්ව කොටස් වශයෙන් ව්‍යවස්ථාවට පැලැස්තර දාන්න එකතු වෙන්නේ කොහොමද? ආණ්ඩුවට සහ පාර්ලිමේන්තුවේ හැම එකාටම මහජනයා ජනවරම දීලා තියෙන්නේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට. 20වන සංශෝධනය ගේනකොට ජනපති පොරොන්දු වුනා නව ව්‍යවස්ථාව ගෙන බවට සහ එය කෙටුම්පත් කළා. එහෙමනම් දැන් ආණ්ඩුව ඩයස්පෝරාව සමග දාපු ඩීල් එකට අනුව ව්‍යවස්ථා පිටකවරයක් ගේන්නේ මොකටද? ඒ කාරක සභා අවස්ථාවේදි 13 බලාත්මක කරන සංශෝධනයක් ඇතුළු කරන්න මිසක් වෙන මොකටද?
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...