රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතරතුර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මත එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ පොලිස් වෙඩි තැබීම සම්බන්ධයෙන් පූර්ණ විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් මහත්මිය පවසයි.
ජුලී චුන්ග් මහ්ට්මිය සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් අවධාරණය කළේ සාමකාමී විරෝධතා දැක්වීමට ජනතාවගේ අයිතිය තහවුරු කළ යුතු බවයි.
“රඹුක්කන ප්‍රදේශයෙන් නිකුත් වන බිහිසුණු ප්‍රවෘත්ති ගැන මම අතිශයින් කණගාටු වෙමි,විරෝධතාකරුවන්ට හෝ පොලිසියට එරෙහි ඕනෑම ප්‍රචණ්ඩත්වය හෙළා දකිමි” යනුවෙන් ජූලි චුන්ග් මහත්මිය සිය ට්වීටර් පණිවිඩයෙන් පවසයි.
එලෙසම ඇය සියලු පාර්ශවයන්ගෙන් සංයමයෙන් හා සන්සුන්ව සිටින ලෙස ඉල්ලා සිටියි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...