ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ මතයයි, ” අපි දන්නවා ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාව සමඟ එකඟ වෙලා තියෙනවා ව්‍යයවස්ථා සංශෝධන කප්පමක් දෙන්න.ඔවුන් හදන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා සංශෝධනය නැවත වතාවක් සංශෝධනය කරන මුවාවෙන් 13 වන ව්‍යයවස්ථා සංශෝධනය බලාත්මක කරන සංශෝධන කාරක සභා අවස්ථාවේදී ඇතුලත් කරන්න.එදා 19 වන ව්‍යයවස්ථා ගෙන එන අවස්ථාවේදී කාරක සභාවේදී කෙටුම්පතේ නොතිබූ සංශෝධන 40ක් පමණ ඇතුල් කළා පැය දෙකක් ඇතුලත. ඒ වැඩේ කළ අයියල ටික සහ ඒ දෙස අසරණව බලා සිටි මල්ලිලා ටික තාම පාර්ලිමේන්තුවේ ඉන්නව. අපි ආණ්ඩුවට දැඩි ලෙස අණතුරු අඟවනවා ඒ බලු පාවා දීම කරන්න ලෑස්ති වෙන්න එපා කියලා.අග්‍රාමාත්‍යය කාර්යාලය කියන්නේ අගමැතිමද දන්නේ නැහැ.සමහරවිට එතන ඉන්න ඒජන්තවරු අගමැතිගේ නමින් ප්‍රකාශ නිකුත් කරනවද දන්නේ නැහැ.මහින්ද රාජපක්ෂ මේ පාපයට කර ගැහුවොත් ඔහු ඉතිහාසයට එකතු වන්නේ ද්‍රෝහියෙකු ලෙස මිස වීරයෙක් ලෙස නොවෙයි. ආණ්ඩුවට ජනවරම තියෙන්නේ නව ව්‍යයවස්ථාවකට මිස කූඨ ව්‍යයවස්ථා සංශෝධනයකට නොවෙයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...