දේශීය පුවත්

අමාත්‍යවරයෙකු වශයෙන් කිසිදු අමතර වරප්‍රසාදයක් භාවිත නොකරන්නැයිද අවංක, කාර්යක්ෂම හා පිරිසිදු පාලනයකට කැපවෙන ලෙස සියලු අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා නව කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

“ඇමති තනතුරු වරප්‍රසාදයක් නෙමෙයි. එය විශාල වගකීමක්. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කිසිදු අමතර වරප්‍රසාදයක් ඇමතිවරයෙක් ලෙස පාවිච්චි කරන්න එපා. මම තමුන්නාන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ, අවංක, කාර්යක්ෂම හා පිරිසිදු පාලනයකට කැපවෙන්න කියලා. ඒ වගේම ඔබ යටතේ ඇති ආයතන ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත්කරන්න. අද රාජ්‍ය ආයතන බොහෝමයක් පවතින්නේ බරපතළ මුල්‍ය අර්බුද තත්ත්වයක. ඒවා නිවැරදි කරගැනීම ඉතාමත්ම අවශ්‍යයි. අද පවතින මේ අර්බුදය ජනතාව ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක කරන්න හොඳ අවස්ථාවක්. තමුන්නාන්සේලාට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ එක්කම මම ඉල්ලා සිටිනවා තරුණයින්ගෙන් ඒකට උපකාර කරන්න කියලා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More